බස්නාහිර පළාත වැඩිම ඩෙංගු රෝගීන්ගේ වාර්තාව තබයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

පවතින අඛණ්ඩ වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජුනි මාසයේ ගත වූ දින 9 තුළ ඩෙංගු රෝගීන් 879 දෙනෙකු වාර්තා වී ඇති අතර, , එය පසුගිය මාසය හා සැසඳීමේදී ශීඝ්‍ර වර්ධනයක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2647 කි. වසරේ ගත වූ කාල සීමාව තුළ රෝගින් 25,799 දෙනෙකු වාර්තා වී ඇත.

ඉන්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව, 9441 ක්.එම කාලසීමාව තුළ ඩෙංගු මරණ 9 ක් වාර්තා විය.

මේ අතර ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...