ඊජිප්තුවේ බටහිර කාන්තාරයෙන් වසර මිලියන 98ක් පැරණි ඩයිනෝසර කශේරුකාවක් සොයා ගැනේ

Date:

ක්‍රිටේසියස් යුගයේ අග භාගයේ (වසර මිලියන 145 සිට 66 දක්වා) ජීවත් වූ විශේෂයක් වන Abelisaurid theropod ට අයත් මාංශ භක්ෂක ඩයිනෝසර පොසිලයක් ඊජිප්තුවේ බටහිර කාන්තාරයෙන් සොයාගෙන ඇත.

මෙම විශේෂය ඉන්දියානු සාගරයේ මැඩගස්කර දූපතට අමතරව යුරෝපයේ සහ අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව වැනි නූතන දකුණු අර්ධගෝලයේ මහාද්වීපවල ද සිටි බවට සාක්ෂි ඇති බව පර්යේෂකයන් පෙන්වා දේ.

ඊජිප්තුවේ Mansoura විශ්ව විද්‍යාලයේ පෘෂ්ඨවංශික පාෂාණ විද්‍යා මධ්‍යස්ථානයත් (MUVP), ඊජිප්තුවේ පාරිසරික කටයුතු ඒජන්සිය සහ එක්සත් ජනපද පර්යේෂකයන් ද එක්ව මෙම පර්යේෂණය කරන ලදි. මේ පිළිබඳ තොරතුරු Royal Society Open Science විද්‍යාත්මක සඟරාවේ පළ විය.

දශක ගණනාවනට පෙර මෙම විශේෂයට අයත් පොසිල මුලින්ම හඳුනා ගැනුනේ ආජන්ටිනාවෙනි. Abelisaurid හි නටබුන් ජීරිප්තුවෙන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය ඊසාන දිග අප්‍රිකාවේ ඇති පැරණිතම පොසිල විශේෂය වේ.

20වන ශතවර්ෂයේ මුල් භාගයේදී Spinosaurus ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් පොසිල සොයා ගන්නා ලදි. එනමුත් දෙවන ලෝක යුධ සමයේදී Munich ප්‍රදේශයට බෝම්බ හෙලීමේදී ඒවා විනාශයට පත්විය.

සියවසකට වැඩි කාලයකට පසු මස් අනුභව කරන ඩයිනෝසරයෙකු සොයාගත් මුල්ම අවස්ථාව මෙය බවත් , මෙම කශේරුකා මතුපිටින් යකඩ සහ වැලි ඉවත් කිරීම සඳහා ඉතා සූක්ෂම මෙහෙයුමක් සිදු කිරීමට සිදු වූ බවත් MUVP හි ආරම්භක අධ්‍යක්ෂ සහ පර්යේෂණ කණ්ඩායමේ සාමාජික ඔහියෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී හේෂාම් සලාම් ABC පුවත් සේවයට පවසන ලදි.

මීට අමතරව වෙනත් දේවල් රැසක් ඔවුන් සොයාගත් බවත් , ඉදිරියේදී ඒ පිළිබඳ වැඩිදුර නිවේදන නිකුත් කිරීමට තම කණ්ඩායම සූදානම් බවත් , ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

හමුව ඇති පොසිලයට අනුව , ශරීරයේ දිග මීටර් හයක් පමණ වූ , බුල්ඩෝග්ගේ හැඩයට සමාන හිස් කබලක් ඇති , තියුණු කුඩා දත් සහිත ඩයිනසෝර් විශේෂයක් විය හැකි බව මෙම පර්යේෂක කණ්ඩායම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...