ඩොලර් නැතුව නාහෙන් අඩන ආණ්ඩුව ඉතිරි සොච්චමත් නැතිකර ගන්න හැටි මෙන්න! (VIDEO)

බස්නාහිර පළාත ඇතුළු දිවයින පුරා ඔටෝ ඩීසල් හිඟ වීම හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් ආයෝජන කලාපවල සිදුකර තිබෙන නිෂ්පාදන අපනයන කිරීමේ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එම ඉන්ධන ලබාගැනීම සඳහා දින 8,10 පෝලිම් වල සිටීමට සිදුව ඇති බවයි මංජුල මහතා සඳහන් කළේ.

මෙම රථ සඳහා ඉන්ධන ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් එම රථ 80%ක් පමණ ධාවනයෙන් ඉවත්ව සිටින බව ඔහු කියාසිටියේය.

මෙම තත්ත්වය මත මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර එම කර්මාන්ත මෙරටින් ගිලිහි බංග්ලාදේශය, මියන්මාරය වැඩි රටවලට හිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙස බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් සිදුකලදචේය ඉටු නොවුණු බව සනත් මංජුල මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...