ඒගොල්ලෝ වැඩි පොළියට ණය දීලා තියෙන්නෙ නාස්තිකාර ආණ්ඩුවලට – ISB ගැන හඳුන්නෙත්ති කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් මෙතෙක් කාලයක් කිසිදු වග විභාගයකින් තොරව වැඩි පොළියට ණය ලබාදී ඇත්තේ නාස්තිකාර ආණ්ඩුවලට බවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම ණය ආපසු නොගෙවා සිටින්නේ නැති නමුත් එම ණය ආපසු ගෙවීම සඳහා තමන්ට සාධාරණ කාලයක් අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මේ බව තමන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පැවති සාකච්ඡාවකදි ඔවුන්ට සෘජුවම දැනුම් දුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

“ණය ප්‍රතිව්‍යුහගතකරණයකට අපි යන්න ඕනෙ. අපි ISB කණ්ඩායම හම්බවුණා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය හම්බවුණා, අපි ඒගොල්ලොන්ටත් හරි පැහැදිලිව කිව්වේ – මොකද ඒගොල්ලො මෙච්චර කාලයක් කිසිම වග විභාගයක් නැතිව වැඩි පොලියට ණය අනුමත කරලා දීලා තියෙන්නෙ නාස්තිකාර ආණ්ඩුවලට. ඉතින් අපි නාස්තිකාර නොවන ආණ්ඩුවක් හදන්න ලෑස්තියි නම් අපට ඒකෙ පළවෙනි ප්‍රශ්න විසඳාගන්න ඉඩදෙන්න. හැබැයි අපි කියන්නෙ නෑ කොතනකදීවත් ණය නොගෙවා ඉන්නවා කියලා. අපි රනිල් ගත්ත ණය, මහින්ද ගත්ත ණය, ගෝටා ගත්ත ණය, ඒක හින්දා අපිට ගෙවන්න බෑ කියලා කියන්නෙ නෑ. රටක් හැටියට අපි ණය ගෙවන්න බැඳිලා ඉන්නවා. හැබැයි අපට සාධාරණ කාලයක් දෙන්න. ඔය හර්ෂ ද සිල්වලා කියනවා වගේ ඒවා ගත්තා නම් ගෙවන්න ඕනෙ, නෙගෝෂියේට් කරන්න බෑ, ගලේ කෙටූ අකුරු වගේ, එහෙම එකක් නෑ …”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා (09) ගාල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමුවක් අමතමිනි.

අනාගත ජාතික ජන බලවේගයේ රජයක මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කෙරෙනු ඇතැයි සැලකෙන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතාව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...