ජනමත විචාරණයක් නොතියාම ජනාධිපති ධුර කාලය වැඩිකර ගන්න ගේන්න හදන නීති තර්කය මෙන්න !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් වර්තමාන පාර්ලිමේන්තුවේත් ධුර කාලයන් තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරගන්න ජනමත විචාරණයක් පවත්වන කතාවක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පහුගිය දවස්වල කියලා තිබුණා නෙ. ඔය කතාව ගැන තවමත් විවිධ සංවාද දේශපාලනය කරළියේ සිදුවෙමින් තියෙනවා.

ඔය අතරේ ජනමත විචාරණයකුත් නොතියාම ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් අවුරුද්දකින් ධුර කාලය දීර්ඝ කරගන්න පුළුවන්ය කියලා ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මාධ්‍යයට කියලා තිබුණා. එහෙම දෙයක් වෙන්න බෑ කියලා බොහෝ දෙනෙක් කියපු නිසාම ඔය කතාව ගැන වැඩි සංවාදයක් ඇතිවුණේ නෑ මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය තුළවත්.

කොහොම වුණත් ඔය කතාවට අදාළ නීති තර්කය මේ වෙද්දී දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තියෙනවා.

කතාව මෙහෙමයි,

රටේ දැනට ක්‍රියාත්මක වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නේ. ඒ ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක්. ඕක අවුරුද්දකින් අඩු කරලා අවුරුදු පහක් කළේ 2015 දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒක කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන්. ඒකට ජනමත විචාරණයක් තිබ්බේ නෑ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයකට වඩා වැඩි කරනවා නම් මිස, ආපහු අවුරුදු හයක් කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය විතරක් ඇතියි කියන එකයි නීති තර්කය වෙලා තියෙන්නේ.

බැලූ බැල්මට නම් මේ තර්කයට පදනමක් තියෙනවා කියලායි පේන්නෙ. නමුත් ඉතින් ඕවා අධිකරණයක් ඉස්සරහාට ගිහින් තීන්දු කරගන්න වෙන දේවල්. අනික පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හදාගන්නත් එපැයි. එහෙම කළත් රටේ ජනතාව ඕකට දක්වන ප්‍රතිචාරය මොකක් වෙයිද කියලාත් කියන්න අමාරුයි.

කොහොමවුණත් ජනාධිපතිවරණය තියන්න නියමිත කාලය ළංවෙද්දී නොයෙකුත් ආකාරයෙන් මිනිස්සුන්ව ව්‍යාකූල කරන මෙහෙයුම් ගොඩාක් ක්‍රියාත්මකයි. මේකත් එහෙම එකක් වෙන්නත් පුළුවන්. සමහරවිට අවුරුදු දෙකේ මුට්ටිය මුලින් දාලා පස්සේ අවුරුද්දේ වැඩේ රිංගවන්න හදනවා වෙන්නත් පුළුවන්. බලාන ඉන්නයි තියෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...