අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබෙන බව සඳහන් වේ.

මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිත වන්නේ, ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳවයි.

මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...