අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබෙන බව සඳහන් වේ.

මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිත වන්නේ, ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳවයි.

මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...