ICCය ඩාෆුර් නගරයේ අල්-ෆෂීර් හි යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳව හදිසි විමර්ශනයක

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 12,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඩාෆුර් නගරයේ අල්-ෆෂීර් හි සුඩාන හමුදාව සහ පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) විසින් කරන ලදැයි සැලකෙන යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා හදිසි විමර්ශනයක දී සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක කරීම් ඛාන් වීඩියෝ සබැඳියක් හරහා ප්‍රකාශ කර තිබුණේ, ඩාර්ෆූර් හි දැනට සිදු විය හැකි සාහසික අපරාධ සම්බන්ධයෙන් ICC ක්‍රියාකාරී පරීක්ෂණයක් සිදු කරන බවත්, එහිදී සිවිල් ජනතාවට එරෙහිව වාර්ගික ප්‍රහාර, ස්ත්‍රී දූෂණ සහ රෝහල්වලට එරෙහි ප්‍රහාර, ජන සංහාර ඝාතනයන් ආදිය සම්බන්ධයෙන් පුළුල් ලෙස විභාග වන බවත්ය. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සාක්ෂි, වීඩියෝ හෝ ශ්‍රව්‍ය ද්‍රව්‍ය ඇති ඕනෑම කෙනෙකුට එය තම කාර්යාලයට ඉදිරිපත් කරන ලෙසයි.

වයඹ දිග සුඩානයේ ඩාෆුර් නගරයේ අල්-ෆෂීර් හි මිලියන 1.8 කට අධික පදිංචිකරුවන් සහ අවතැන් වූවන් වාසය කරන අතර සිදුව ඇති මනුෂ්‍ය ඝාතන, අපරාධ හා දුෂණයන් සම්බන්ධයෙන් තොරතුරු අප්‍රකටව පවතියි.

2023 අප්‍රේල් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට හමුදා ප්‍රධානී අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් යටතේ නිත්‍ය හමුදාව සහ ඔහුගේ හිටපු නියෝජ්‍ය මොහොමඩ් හම්දාන් දගලෝ විසින් මෙහෙයවන ලද පැරාමිලිටරි කඩිනම් ආධාරක බලකාය අතර වසරකට වැඩි කාලයක් යුද්ධය ඇවිලී තිබේ. සුඩානය පුරා ව්‍යප්තව ඇති මෙම යුද්ධය හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් පුද්ගලයන් මියගොස් ඇති අතර මිලියන 9 කට ආසන්න ජනතාවකට තම නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...