*
Friday, October 25, 2024
spot_img

Latest Posts

යෝජිත යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇත්තම කතාව විපක්ෂ නායක සජිත් සාක්ෂි සහිතව පෙන්වා දෙයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික්කයේ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මණ්ඩතිව් යන ස්ථානයේ අක්කර 50ක භූමියක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් වෙන් කර ඇති බවත් මෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නිර්මාණය වීම තුළ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට ද ඉවහල් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (12) යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කරන ලද යාපනයේ ව්ලනෙයි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මණ්ඩතිව් යන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගනය සකස් කරන ලද්දේ රජයේ අරමුදල්වලින් නොව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බවත් රජය ඒ සඳහා අවශ්‍ය භූමිය සහ අනුමැතිය ලබා දීමෙන් පසු පෞද්ගලික හවුල්කාරීත්වය හරහා එය නිර්මාණය කළ බවත් ඒ ආකාරයෙන්ම මෙම ක්‍රීඩාංගනයත් නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේ ම පසුගිය දිනක තමා යාපනය ප්‍රදේශයේ ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වූ විට මෙවැනි ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සකස් වීමට ඉඩම් වෙන් කර ඇති බවට දැන ගැනීමට ලැබුණු බවත් යහපාලන රජය සමයේ මෙවැනි සාකච්ඡාවක් සිදුවූ නිසා ඒ ගැන වැඩිදුරටත් විමසා බැලූ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ඇතැම් අඥාන පිරිසක් අපහාසාත්මක ලෙස හුවමාරු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන් ම ක්‍රිකට් පාලක මණ්ඩලය පවා මේ ක්‍රීඩාංගනය ඉදිකිරීම සඳහා වන භූමිය වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා එසේවුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙහි පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රීඩාංගනය සකස් කර උතුරු පළාතේ ජනතාවට ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

තවද මේ තුළින් උතුරේ තාරුණ්‍යයේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරිමටත් යාපනයේම ආර්ථිකයට නවෝදයක් උදාවෙන බවත් මෙවැනි ව්‍යාපෘතියක් මෙතෙක් කල් ක්‍රියාත්මක නොවීම ගැන ගැටලු‍වක් පවතින බවත් මෙම ක්‍රීඩාංගනයේ නම විය යුත්තේ යාපනයේ හා උතුරු පළාතේ තාරුණ්‍යයේ නමක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය දිස්ත්‍රික්කයේ වැඩබලන දිසාපති මරතලිංගම් ප්‍රතිපන් මහතා වෙත දුරකතන ඇමතුමක් ගෙන මේ සම්බන්ධ තොරතුරු විමසා බැලූ අතර එහි දී ඊට අදාළ සැලසුම් ඇත්නම් එහි පිටපතක් තමාට ලබා දෙන ලෙසත් ඒ මහතා දිසාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, සමගි ජනබලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමාචන්ද්‍ර ප්‍රගාශ් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan