CEB සභාපතිගේ ප්‍රකාශය ජනපති තරයේ ප්‍රතික්ෂේප කරයි !

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නො කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී (කෝප්) ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

මන්නාරමේ යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බලපෑම් කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

RN