අද (13) සිට G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව ඇරඹෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

අද (13) සිට G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වර්තා පවසයි.

මෙවර G 7 නායකයින් යුක්‍රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස සහ අනෙකුත් මාතෘකා ද සාකච්ඡා කිරීමට ඇති බව න්‍යාය පත්‍රයේ සඳහන් වන අතර, පළමු දින මාතෘකාවට මැද පෙරදිග සහ යුක්‍රේනය ඇතුළත් වන අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මියර සෙලෙනෙස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ , අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්‍රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...