අද (13) සිට G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව ඇරඹෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

අද (13) සිට G 7 රාජ්‍ය නායකයින්ගේ සමුළුව ආරම්භ වීමට නියමිතව ඇති අතර, මේ මස 15 දින දක්වා ඉතාලියේ සභාපතීත්වයේන් ඉතාලියේ පූලියා හි සමුළුව පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වර්තා පවසයි.

මෙවර G 7 නායකයින් යුක්‍රේන, මැදපෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු කලාපීය ගැටලු සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ආර්ථික ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික විපර්යාස සහ අනෙකුත් මාතෘකා ද සාකච්ඡා කිරීමට ඇති බව න්‍යාය පත්‍රයේ සඳහන් වන අතර, පළමු දින මාතෘකාවට මැද පෙරදිග සහ යුක්‍රේනය ඇතුළත් වන අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මියර සෙලෙනෙස්කි තම රටේ තත්ත්වය පිළිබඳව සැසිවාරයට පෞද්ගලිකව එක් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ , අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුක්‍රේන සමග නව ආරක්ෂක ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...