GMOA වසර 12ක ශාපය අවසන්. පාදෙනිය වෙනුවට නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්වී තිබේ.

එහි නව ලේකම්වරයා වන්නේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ය.

පසුගිය වසර 12ක් තිස්සේ එහි සභාපතිත්වය දැරූ අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර නිලවරණයට ඉදිරිපත්ව සිටියේ නැත.

පාදෙනිය මහතාගේ පාලනයෙහි අවසන් සමය තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක මට්ටමට වැටුණු අතර ජනතාව අතර බලවත් අප්‍රසාදයකට ද පත්විය. අද වනවිට රට මුහුණ පා සිටින ආහාර හිඟයට මුල පුරමින් රසායනික පොහොර තහනම් කිරීමට ජනාධිපතිවරයාව පෙළඹවූ අය අතර පාදෙනිය මහතා ද ඉදිරියෙන්ම සිටියේය.

RN