රෂිකා හෙන්නායක ජුනි 13,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් AN-32 ප්‍රවාහන ගුවන් යානයක් ඇසෑම් ප්‍රාන්තයේ ජොර්හාට් ප්‍රදේශයේදී අනතුරට පත්වීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගොඩබෑමේදී සිදුවූ මෙම දරුණු අනතුරෙන් යානය ගිනිගෙන ඇති අතර එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පිරිස අතර ස්කොඩ්‍රන් ලීඩර්වරයෙකු සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්වරයෙකු ද වන බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු ගුවන් හමුදාව දැනටමත් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රාන්ත මහ ඇමතිවරයා ද මේ පිළිබඳව සිය කනගාටුව පළ කර ඇත.
සෝවියට් දේශයේ නිෂ්පාදිත මෙම යානා ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කරනු ලබයි.
මෙම අනතුර එම කලාපයේ මෑතකදී සිදුවූ දෙවන ගුවන් හමුදා යානා අනතුර ලෙස ද හඳුනාගෙන තිබේ.

