උසාවි නියෝගයකට අනුව කෙනඩි මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අඩ සියවසකට පෙර ඝාතනයට ලක් වූ ජෝන් F කෙනෙඩි ජනාධිපතිවරයාට ගෞරව කිරීම සඳහා නිර්මාණය කරන ලද වොෂින්ටන්හි අනුස්මරණ රංගන කලා මධ්‍යස්ථායෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම සඳහා එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම නඩුව ඔහියෝහි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනපද නියෝජිත ජොයිස් බීටි විසින් ගොනුකර තිබු අතර ට්‍රම්ප් සභාපතිත්වය දරන මධ්‍යස්ථානයේ මණ්ඩලය දෙසැම්බර් මාසයේදී එය ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් සහ ජෝන් එෆ්. කෙනඩි අනුස්මරණ රංගන කලා මධ්‍යස්ථානය ලෙස නම් කිරීමට ඡන්දය දුන්නේය.

නමුත් කොංග්‍රසයේ පනතකින් තොරව රංගන කලා මධ්‍යස්ථානය නැවත නම් කළ නොහැකි බවට එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර්, තීන්දුවක් ගෙන තිබු අතර ජූනි 4 වන දින කෙනඩි මධ්‍යස්ථානයේ නීතිඥ කාර්යාලයේ කාර්ය මණ්ඩලයට නිකුත් කළ සංදේශයක සඳහන් වූයේ විද්‍යුත් තැපැල් අත්සන්, ලිපි ශීර්ෂය සහ අනෙකුත් ලියකියවිලි “ජෝන් එෆ්. කෙනඩි ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය” හෝ “කෙනඩි මධ්‍යස්ථානය” ලෙස නම පිළිබිඹු කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...