රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :
දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයේදී කඩුලු 08කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 245ක් ලබාගත් අතර, එහිදී චාමික ගුණසේකර කඩුලු තුනක් දවාගනිමින් දස්කම් දැක්වීය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ජයග්‍රාහී ඉලක්කය වෙනස් වූ අතර, ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට නව ඉලක්කයක් හිමි විය.
අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ විශිෂ්ට ශතකය සහ සදීර සමරවික්‍රමගේ අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කළේය.
අවසානයේදී කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.


