යන පාර වෙනස් වුණොත් රට යළි වැටෙනවා.රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජන්දෙට එනවා – ආශු

Date:

කොළඹ LNW:ආර්ථිකයේ වර්ධනීය තත්ත්වය හැමදෙනාටම පිළිගත හැකි ආකරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවසා ඇති අතර දැනට පවත්වාගෙන යන සංවර්ධන ක්‍රියාදාමය එලෙසම පවත්වා ගෙන යා යුතු වන බවත් එය වෙනස් වුවහොත් රට යළි කඩ වැටෙන බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා පවසයි.

”පසුගිය කාලයම අපි විසින් ප්‍රකාශයට පත් කරපුවාම ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් කියලා එය පිළිගන්නට ගොඩක් අය මැලි වුණා. දැන් ඒ සියලු දෙනාටම පිළිගත හැකි ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් ඒ වාර්තාවේ තවදුරටත් රට මේ විදිහට යන එක නැවතුනොත් බරපතල ගැටලුවකට මුහුණ දෙන්නට වෙනවයි කියන කාරණයත් සඳහන් වෙනවා. ඒ නිසා මේ රට මේ විදිහටම ඉදිරියට ගිහිල්ලා රටේ සංවර්ධන කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. විපක්ෂයට අවශ්‍ය වෙන්නේ රට විනාශ කරලා රටේ ජනතාව පාරට ඇදලා දාන්නයි. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුත්තේ ජයග්‍රහණය කළ යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවෙයි මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලයි කියලයි.

ඒ නිසා මේ යන විදිහ කවුරු හරි වෙනස් කරන්න කතා කරනව නම් ඒකට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම වැඩපිළිවෙලක් කිසිම කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම නම් මෙය වෙනස් කරොත් සිද්ධ වෙන්නේ නැවත රට කඩා වැටීම පමණයි. ඒ නිසා ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට සියලු දෙනාගේ කැමැත්තෙන් ජනාධිපති ධූරයට පත්වීමට නියමිත බව අපි ඉතාම සතුටින් දැනුම් දෙන්නට කැමතියි.” යනුවෙන් මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ලා,නාමල්ලා කොළඹ බලය අල්ලන්න කතා කරන එකම කොළඹ ජනතාවට කරන අසාධාරණයක්!

කොළඹ LNW:කොළඹ ජනතාව දී තිබෙන ජන වරම අනුව විපක්ෂය...

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...