එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පිටුවහල් කළ අපරාධකරුවන් මෙරටදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර මෙරට බලධාරීන් වෙත භාරදීමෙන් පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මෙම සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථනවල මැදපෙරදිග යුද ගැටුම්වලට අදාළ සංවේදී දර්ශන තිබී විදේශීය ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. මොවුන්, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් බව හඳුනාගෙන ඇත.

පසුව, කටුනායක ගුවන් තොටුපළට පැමිණි මොවුන් දෙදෙනා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා යොමු කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිදුවූ විවිධ අපරාධ රැසකට අවශ්‍ය කරන පුද්ගලයන් බව පොලිසිය තහවුරු කර ඇත. වර්තමානය වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කටයුතු අංශ කිහිපයක් ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...