රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW :
භික්ෂුත්වයෙන් නෙරපා හරින ලද රාජාංගනේ සද්ධාරතන නමැති පුද්ගලයාට එල්ල වූ පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා වේ.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු වෑන් රථයකින් පැමිණ ඊයේ (13) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය තහවුරු කර ඇත.
ප්‍රහාරයට හේතුව හෝ එයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුවී නොමැති බව සඳහන් වේ.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ප්‍රහාරකයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.


