ඇයි, මම මොකටද පාර්ලිමේන්තු යන්නේ ? – රනිල්ගේ අලුත්ම කතාව

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත්වෙන කතාවක් පහුගිය ටිකේ පැතිරිලා ගිහින් තිබුණා. ඉතින් මාස කිහිපයකට පස්සේ පහුගිය 11 වෙනිදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණාම බොහෝදෙනෙකුගේ වුවමනාව වෙලා තිබුණේ රනිල් පාර්ලිමේන්තු යන දවස දැනගන්න.

විවිධ කතා අතරේ කීපදෙනෙක්ම “සර් කවදාද දැන් පාර්ලිමේන්තු යන්නේ ?” කියලා ඇහුවත් රනිල් ඕකට උත්තරයක් දීලා තිබුණේ නැහැ. නමුත් දිගින් දිගටම ඔය ප්‍රශ්නය කට්ටිය අහන්න ගත්තාම රනිල් දීලා තිබුණේ අමුතුම උත්තරයක්.

“මම පාර්ලිමේන්තු යන්නේ නැහැ. ඇයි, මම මොකටද පාර්ලිමේන්තු යන්නේ ? මිනිස්සු මාව එපා කියලානෙ ගිය පාර ඡන්දෙ දුන්නේ … ඒගොල්ලෝ හොඳයි කියලා පත්කරගත්තු අයත් එක්ක ඔය විදියටම කරගෙන ගියදෙන්. මං මොකටද ඕකට මැදිහත් වෙන්නේ ?” කියලා රනිල් කිව්වා ලු.

හැබැයි ඉතින් 2022 ගෝඨාභයගේ ආණ්ඩුවට එකතු වෙන්න ඔන්න-මෙන්න තියෙද්දීත් රනිල් ඔය වගේ කතාවක්ම තමයි කියලා තිබුණේ. ඒ කතාවත් අපි මීට කලින් ලියලා තියෙනවා ….

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...