*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

සමරිසි අයිතීන්, කම්කරු සූරාකෑම ගැන කතා කරන්න ඔබ සමරිසියකු, කම්කරුවකු විය යුතු නැහැ: ජීවන්

සංස්කාරක (LGBTIQ)

කොළඹ (LNW): සමාජීය ප්‍රගතියකින් තොරව, ආර්ථික ප්‍රගතියක් ලබා ගත නොහැකි අතර, බෙදීම් හමුවේ මානව ගරුත්වය සහ ඇතුළත්භාවය සුරක්ෂිත කරන සර්ව හා අනාගමික ප්‍රතිපත්තීන්වල පිහිටා කටයුතු කිරීම සෑම දෙනෙකුම කටයුතු කළ යුතු බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් දින යුරෝපය සහ ආසියාව අතර “මිත්‍රත්වය සහ සංස්කෘතික හුවමාරුව ශක්තිමත් කිරීම” පිළිබඳව ෆ්‍රීඩික් නවුමන් පදනම (Friedrich Nauman Foundation) විසින් පැවැත්වූ වැඩසටහනක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. 

ප්‍රජාවන් අතර සංස්කෘතික හුවමාරුවේ ඇති වැදගත්කම සහ පුළුල් චින්තනය සහ අවබෝධය වැඩි කිරීම කෙරෙහි එහි ඇති බලපෑම පිළිබඳව තම අදහස් පළකළ අමාත්‍යවරයා, “සංස්කෘතික හුවමාරුන් සිදුවන විට, අප සහකම්පනය උපදවා ගැනීමට, තවත් ප්‍රජාවක අභිලාෂයන් තේරුම් ගැනීමට, සහ ඔවුන්ගේ අරමුණු සහ අපහසුතා අවබෝධ කර ගැනීමට පෙළඹෙන බවත්, ඒ කිසිවක් නොමැතිව, ප්‍රගතියක් අත් නොවන බවත්” පැවසුවේය. 

විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව, වතු කම්කරුවන් සහ ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ ප්‍රජා කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලංකාවේ ආන්තික සහ කොන් කිරීමට ලක්වන ප්‍රජාවන් විවිධ අභියෝගවලට මුහුණ දෙන බව ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ප්‍රීතිමත් අභිමානයේ මාසයකට සුබපැතුම් එක්කරමින්, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව මුහුණ දෙන වෙනස්කොට සැලකීම් පිළිබඳ සිය කණගාටුව ප්‍රකාශ කළ තොණ්ඩමන් අමාත්‍යවරයා, සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළේය.

ශ්‍රී ලාංකීය කඳුකර දමිළ ජනතාවගේ ආගමනයේ 200 වන සංවත්සරය සිහිපත් කරමින් ඔවුන්ගේ “ගිවිසුම්ගත ශ්‍රම” (indentured labour) තත්ත්වය පිළිබඳ කතා කළ තොණ්ඩමන් අමාත්‍යවරයා, දශක ගණනාවක ප්‍රගතියක් අත්ව තිබුණ ද තම පුරවැසිභාවය සාධාරණ ලෙස භුක්ති විඳීමට එම ප්‍රජාවට තව බොහෝ දුර යා යුතුව ඇති බවත්, ශ්‍රී ලංකා මාතාව ඇගේ සියලු ප්‍රජාවන් වෙනුවෙන් සමාජ ප්‍රගතියක් ද සමඟ ඉදිරියට ගමන් කළ යුතුව ඇති බවත් පෙන්වා දුන්නේය.

ආන්තීකරණය සහ වෙනස්කොට සැලකීම ආමන්ත්‍රණය කරන විට සහෘදත්වයේ ඇති වැදගත්කම පැහැදිලි කළ තොණ්ඩමන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය:

“LGBTQ ප්‍රජාව ගැන කතා කිරීමට ඔබ සමරිසි විය යුතු නැහැ. කම්කරුවන් සූරකෑමට ලක්වීම පිළිබඳ කතා කිරීමට ඔබ වතු කම්කරුවකු විය යුතු නැහැ.. ඔබේ පසුබිම කුමක් වූව ද, ඔබ කොහේ සිට පැමිණිය ද, ඔබ කොහොම ඉපදුන ද, හෝ ඔබ කොහේ ඉපදුන ද.. වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සෑම දෙනෙකුටම අයිතියක් තිබෙනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan