*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ට නුවර සිරි බලන්නට වැඩි පුර දවසක් දෙයි

ශ්‍රී ලංකා ඒ සහ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම් අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට ලකුණු 160 ක දැවන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමින් අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වුණා.සිව්දින තරගය තෙදිනකින් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නුවර සිරි විඳින්නට අමතර විවේකී දවසක් දකුණු අප්‍රිකානු පිළට පරිත්‍යාග කළා.පළමු ඉණිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් කෘෂ්පුල්ලේගේ සහ රොමේෂ් මෙණ්ඩිස් ගේ ප්‍රමුඛ වූ දායකත්වය ඇතුව ලකුණු 391 ක් රැස් කළ ද,ඉන් අනතුරුව කණ්ඩායම් දෙක ක්‍රීඩා කළ ඉණිම තුනම පන්දු යවන්නන්ගේ අණසකට යටත් වුණා.



විශේෂයෙන්ම කැපී පෙනෙනම දඟ පන්දු යවන්නා වූ දකුණු අප්‍රිකාවේ සෙනුරාන් මුතුසාමි ඉණිම දෙකේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 12 දෙනෙකු දවා ගන්නට සමත් වුණා.පළමු ඉණිමේ දී ලකුණු 122 ට කඩුලු 7 ක් දවා ගත් ඔහු දෙවන ඉණිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 151 ට සීමා කරන්නට මුල් වෙමින් ලකුණු 53 ට කඩුලු 5 ක් දවා ගත්තේ සමස්ත තරගයේ ලකුණු 175 ට කඩුලු 12 ක් හිමි කර ගනිමින්.

ශ්‍රී ලංකා දෙවන ඉණිම යහපත් එකක් වුණේ නැහැ.පළමු ඉණිමේ ලැබූ වාසිය තිබියදී ම තරගය දකුණු අප්‍රිකාව දෙසට හැරෙන්නට ඉඩ ඇති බවට සළකුණු මතු කළා.ලකුණු 76 ට ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 7 ක් බිද වැටුණු පසු පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණෙන පිතිකරුවන් සිය පිතිකරු කෞශල්‍යය ප්‍රදර්ශනය කරමින්,පසුපෙළ ශක්තිය වූ රොමේෂ් මෙණ්ඩිස්ගේ සහයට රොඳ බැන්දා.ලසිත් ඇඹුල්දෙණිය (10) සමඟ අටවන කඩුල්ලට ලකුණු 35 ක සබදතාවයකට දායක වූ රොමේෂ් මිලාන් රත්නායක (7) සමඟ නවවන කඩුල්ලට ලකුණු 34 ක සබදතාවයක් පවත්වා අවසන් කඩුල්ල ලෙස ලකුණු පූවරුව 151 දී දැවී ගියා.ඒ වන විට රොමේෂ් ගේ නම ඉදිරියේ ශතකයක් තරමට වටිනා ලකුණු 46 ක් සඳහන්ව තිබුණා.

ශ්‍රී ලංකා දෙවණ ඉණිමේ දී රොමේෂ් සහ ඇඹුල්දෙණියට අමතරව සිය නම ඉදිරියේ ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයන් සටහන් කර ගන්නට සමත් වුණේ කමිදු මෙණ්ඩිස් (35) සහ නායක නිපුන් ධනංජය (11) පමණයි.
ඒ අනුව ඉලක්ක වූ 346 ක ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන් ද පහසුවෙන් හැසිරෙන්නට ඉඩ තැබුවේ නැහැ.ඔවුන්ට පන්දුවට පහර දීමට ට්‍රීෂාන් ස්ටබ්ස්ගේ දායකත්වය අහිමි වුණ අතර සෙසු පිතිකරුවන් ඉතා කල්පනාකාරිව ඉහළ ලකුණු ගණනකට යන්න සැළසුම් කළා.ඒ නිසා දකුණු අප්‍රිකානු පිළේ අංක 10 පිතිකරුවා වූ ක්වේනි මහ්පාකා (0) හැරෙන්නට සියලු පිතිකරුවෝ ඉලක්කම් දෙකකින් සිය කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහළ නංවන්නට දායක වුණා.එහෙත් ඒ එක් ක්‍රිඩකයෙක් හෝ ලකුණු 30 සීමාවට පැමිණියේ නැහැ.මේ තත්ත්වය ඇතුළත ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන ලක්ෂිත මානසිංහ,ලසිත් ඇඹුල්දෙණිය සහ රොමේෂ් මෙණ්ඩිස් කඩුලු 2 බැඟීන් ලබා ගනිමින් හ්‍රී ලංකාවට ලකුණු 160 ක දැවන්ත ජයක් උදා කරමින් දකුණු අප්‍රිකානු ඒ ලකුණු පුවරුව ලකුණු 185 දී විසන්ධි කර දැමුවා.

පහතින් දැක්වෙන්නේ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමේ ලකුණු පූවරුවයි.
https://www.espncricinfo.com/series/south-africa-a-in-sri-lanka-2023-1379628/sri-lanka-a-vs-south-africa-a-1st-unofficial-test-1379634/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan