ජ්‍යෙෂ්ඨ නියෝජනයට ලද පළමු අවස්ථාවේදීම දකුණු කොරියානු උළෙල වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ රුමේෂ් හෙල්ල ජය ගනියි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 15, (LNW) කොළඹ:
දකුණු කොරියාවේ පැවති ආසියානු වීසි කිරීමේ ඉසව් සම්බන්ධ තරගාවලියට බොහෝ කලකට පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව ලද කණිෂ්ඨ හෙල්ල වීසිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ රුමේෂ් තරංග එම ක්‍රීඩා උළෙලට අදාළව මෙන්ම ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වට අදාළව ද නව වාර්තා බිහි කරමින් ඉසව්ව ජය ගන්නට සමත් විය.ඒ ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියක් ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කරන්නට ලැබුණු පළමු අවස්ථාව වීම ද විශේෂත්වයකි.

කාලයක් තිස්සේ සිය දස්කම් දැක්වීම සඳහා අවස්ථා පිපාසයෙන් සිටි රුමේෂ් ලද පළමු අවස්ථාවේම මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වමින් මෙම ඉසව්ව ජය ගැනීමට සමත් වීම කැපී පෙණින.එය මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට සෘජු සුදුසුකම් සුදුසුකම් ලබා ගැනීමට නියමිත දුරට වඩා සෙන්ටි මීටර් 5 ක අඩුවකි.මීට පෙර අවස්ථා ලැබුණිනම් තව දුරටත් දියුණු වීමට අවස්ථාවන් තිබුණු බව පෙන්වන විශ්වසනීය ඉඟියකි.
රුමේෂ්ට මේ දස්කම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනෙන් 1179 ක් හිමි වන අතර එයට තරගාවලියේ ශ්‍රේණිය අනුව එකතු වෙන ලකුණු ප්‍රමාණයද එකතු වනු ඇත.ඒ අනුව බොහෝ විට හෙල්ල වීසි කිරීමේ ඉසව්වට මේ දක්වා සෘජුව තේරිපත්ව සිටින ප්‍රමාණය 10 ක් වන අතර ඔලිම්පික් ඉසව්වේදී ඒ සඳහා 32 ට අවස්ථාව හිමිවන නිසා රුමේෂ්ට ඉඩක් ලැබෙන්නට ද ඉඩ ඇත.

රුමේස් සමඟ මෙම ඉසව්ව නියෝජනය කළ ජාතික වාර්තාව දරා සිටි සහ ඔලිම්පික් නියෝජනය කර ඇති පළපුරුදු හෙල්ල වීසි කරන්නා වන සුමේධ රණසිංහට තෙවන ස්ථානය හිමි විය.එහිදී ඔහු මීටර් 77.57 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.
ආසියානු ක්‍රීඩා උළෙලේ රිදි පදක්කම දිනූ නදීශා දිල්හානි ලෙක්ම්ගේ හෙල්ල වීසි කිරීමේ කාන්තා තරගයේ දී මේ වසරේ ඇය දැක් වූ හොඳම දක්ෂතාවය වන මීටර් 57.94 ක දක්ෂතාවයක් දක්වමින් තෙවන ස්ථානය දිනුවාය.මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය ඥාණාන්විත තේරීමක් කර තිබුණු අතර එහිදී රුමේෂ් තරංග මෙන්ම නදීශාගෙන් පසුව ලාංකේය හෙල්ල වීසි කිරීම පෙරට ගෙන යාමේ සිහිනය දරා සිටින්නී ඩයනා මධුවන්ති ද සහභාගි කරවීමට කටයුතු කර තිබිණ.ඇය ද කාන්තා ඉසව්වේ දී සිය හොඳම කාලීන දක්ෂතාවය පෙන්නීමට සමත් වූවාය.මීටර් 48.46 ක දක්ෂතාවයක් දක්වා හත් වැන්නිය වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...