*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

අපේ රජය විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගෙන අවසන් – අලිසබ්‍රි

කොළඹ LNW:රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නුදුරේදීම සිදුවනු ඇති බවට විශ්වාස කරනවා.

ඒ වගේම අප රජයට මෙම කාලය තුළ විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සාර්ථක නිම කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පල කෙරුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය නිකුත් කෙරුණා. ඉන් අදහස් කෙරෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු කරුණු සම්බන්ධයෙන් අප විසින් ඉතා නිවැරදිව කටයුතු කර තිබෙන බවයි.

එමෙන්ම විදේශිය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කරගැනීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. විදේශිය රටවල් සමඟ ණය කළමනාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කරගත හැකි බව අප විශ්වාස කරනවා. විදේශීය බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා ඉතාමත් ධනාත්මකයි. එය සාර්ථක වුවහොත් ලංකාව නැවත ණය නොගෙවන තත්ත්වයෙන් මිදී ණය ගෙවන තත්ත්වයේ රටක් බවට පත්වීමට හැකි වනවා.

ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත මා ලබන මාසයේ දී ජපානයේ සංචාරයක නිරත වනවා. ද්වී පාර්ශ්වීය නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි පසු ජපානයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර තිබූ නමුත් මේ වන විට වැඩ නවත්වා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කරන බව ජපානය අපට පොරොන්දු වී තිබෙනවා.

රුසියාවේ පැවති බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගියදා මම සහභාගී වුණා. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සළකා බැලීමට විදේශ අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නියෝජනය වන පරිදි නිලධාරීන් පිරිසක් පත්කර තිබෙනවා. එහි වාර්තාව මෙම මස ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

ඒ වගේම රුසියානු හමුදාවට බඳවාගෙන සිටින හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අප විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළා. එම ගැටළුව විසදීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 වනදා රුසියාවේ දී පැවැත්වෙනවා. මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan