පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙකට දැන්ම අවසර දෙන්න බැහැ – මහජන උපයෝගිතා කොමිසම

Date:

කොළඹ LNW:ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර දෙක සඳහා පවතින තත්ත්වය යටතේ අවසර දීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ.

පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර සඳහා ඉන්දීය අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපිය පසුගිය වසරේ පෙබරවාරි 23 වැනිදා ලබා දී තිබුණී.

එහිදී ප්‍රකාශ කෙරුණේ ඩොලර් මිලියන 442ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි.

කෙසේවෙතත් පාරිසරික බලපෑම් තක්සේරුවේ ප්‍රතිඵල සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපත්‍රයේ විස්තර ඇතුළු තවත් තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි සමාගමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...