අපේ අරමුණ රනිල්ව යළි ජනාධිපති පුටුවට ගේන එක – පොහොට්ටු මන්ත්‍රී දොළවත්ත

Date:

කොළඹ LNW:අපගේ පොදු අරමුණ රනිල් වික්‍රමසිංහ මහතාව යළි ජනාධිපති ලෙස පත්කරවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පැවසුවේය.

ඒ, අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සජිත් හෝ අනුර ජනාධිපති ලෙස පත්වුවහොත් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර තමන්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩවලට සම්බන්ධ කර නොගන්නා අතර මේ මොහොතේ නිවැරදි දේශපාලන තීන්දුවක් ගැනීමට ඔවුන් තවත් කල්යල් බලමින් සිටින බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

රට තුළ පවතින තත්ත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාව තවත් වසර 05කට ජනතාව විසින්ම ඉල්ලා සිටින තත්ත්වයක් පවතින බවයි ඔහු පැවසුවේ.

”සජිත් – අනුර ජනාධිපති වුනොත් දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙනවා. සජිත් ප්‍රේමදාස මහතා තවම යාපනේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා දන්නේ නෑනේ. අනුරටත් මේක කරගෙන යන්න බෑ. ජනාධිපතිවරයා දැක්මක් එක්ක ඉදිරියට යනවා. සමගියේ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙනවා. ජනාධිපතිවරයාගේ මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ.” යනුවෙන් දොළවත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...