*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

Nottingham හි සිදු වූ අහස පොළව නුහුලන අපරාධය!

හිරු නොබසින අධිරාජ්‍යට අද තවත් මන්දාරමෙන් වෙලාගත් දවසක්! දසමසක් කුසේ හොවාගෙන අම්මෙක් දරුවෙක්ව බිහි කරනවා විතරක් නෙවෙයි තාත්තාඒ දරුවාගේ සියලුම වගකීම් හිසමත දරාගෙන කන කට්ට අප්‍රමාණය..ඉන්පසු පාසල් අවධිය නිමාකරමින් ඔවුන් උසස් අධ්‍යාපනය කෙරේ සරසවියට පා තබන්නේ අන්න එවැනි කැපකිරීම් ගොන්නක් මධ්‍යයේය. අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරු දුක පමණක් නොව ලෝකයේ සුවහසක් දෙමාපියන්ගේ නෙත් කදුළින්බර කරමින් අද සරසවියේ මල් කැකුළු දෙකක් මිලිනව ගිය ශෝකජනක පුවත මෙසේය.

එංගලන්තයේ නොටින්හැම් නගරය පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් මත සොරකම් කරන ලද වෑන් රථයකින් පැමිණි පිරිසක් නව යොවුන් වියෙහි පසු වූසරසවි සිසුන් දෙදෙනෙකු සහ වයෝවෘද්ධ පුද්ගලයෙක් පිහි ඇනුමකින් කෙලවර කිරීමට සමත් විය. මීට අමතරව තවත් තිදෙනෙකු මේ අවස්තාවේදී තුවාල ලැබීය.

Barnaby Webber සහ Grace Kumar අවුරුදු 19ක් පමණ වයැසති සිසුන් දෙදෙනෙකි. නොටින්හැම් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ඔවුන්මෙම අවාසනාවන්ත ඛේදවාචකයට මුහුණ දෙන්නේ කිසිවක් අදහාගත නොහැකි අවස්තාවක දීය. පාසල් මුරකරුවෙකු වන Ian Coates (65) ද මාරාන්තික ලෙස පිහි ඇනුමකට ලක්ව ඇති බවට වාර්තා වේ.

තරුණ ළමුන් පිහියෙන් ඇන ඇති බවත්, ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ බවත් මහජනතාව විසින් වාර්තා කිරීමෙන් පසුව ඉල්කෙස්ටන් පාරට පොලිසිය කැඳවූ අතරමෙහිදී ඔවුන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

“Barnaby Philip John Webber” කියන්නේ ජීවිතයේ සෑම දෙයක්ම බලාපොරොත්තු සමඟ ඉදිරියට ගෙන යමින් සිටින ලස්සන, දීප්තිමත් දිවියක් හිමි තරුණයෙක් බවට ඔහුගේ පවුලේ අයවලුන් පැවසූයේ හදවත කීරී ගැහෙන තරම් දුක් ගොන්නක් හිතේ දරාගෙනය.

එපමණක් නොව Barnaby Webber බිෂොප්ස් හල් ක්‍රිකට් සමාජයේ කීඩකයෙකි. ප්‍රවෘත්තියෙන් පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු “ආදරණීය මිතුරෙකු සහ කණ්ඩායම් සගයකු” යැයි හඳුන්වමින් මහජනතාවට ඔහු වෙනුවෙන් මල් තැබීමට ආරාධනා කළහ.

අනෙක් අතකින් පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක වන Grace Kumar, එංගලන්ත වයස අවුරුදු 16න් පහළ සහ 18න් පහළ සංචිතවල හොකී ක්‍රීඩකාවකි. රූපයෙන් මෙන්ම හැකියාවෙන් දක්ෂකම් කී ඇය ද අකාලයේ මිලින විය යුතු මල් කැකුළක් නොවේ.

ඇයගේ දෙමාපියන්ද අද වචන ගලපාගත නොහැකිව ඔවුන්ගේ මේ අහිමිවීම දරාගෙන සිටී.

ඔව් දරගන්න අමාරුයි තමයි.. මොකද මේ මිනිස් ජීවිත දෙකක්! ඒකත් ජීවිතය පටන් ගන්න ජීවිතයේ සුන්දරම කාලයට අත දෙන්න හිටපු ලස්සන තරුණ ජීවිතදෙකක්.. ඉතින් මේ අහිමිවීම ගැන වචන ගැලපෙන්නෙත් නැති තරම්!

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan