*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රට ගොඩනගන ජනපතිගේ වැඩපිළිවෙලට මෙතෙක් දුන් සහාය අඛණ්ඩව ඉදිරියටත් : පොහොට්ටුවෙන් සහතිකයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නියෝජනය කරමින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ,අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්.එම් . අතාවුල්ලා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තම පක්ෂයට අයත් ඇතැම් වෘත්තීය සමිති සහ සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් විරෝධාකල්පයක සිට අදහස් දක්වන නමුත් එම ගැටළු කිසිවක් රට ගොඩනගන වැඩපිළිවෙල සඳහා සහාය නොදීමට තරම් බරපතළ නොවන බවය.

එම ගැටලු මෙන්ම එක්ව කටයුතු කිරීමේදී මතුවන ඔනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා මාසයකට දවසක් හෝ ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ හමුව සිදුකරන මෙවැනි සාකච්ඡාවක් වැදගත් වන බවද ඒ මහතා සඳහන් කර ඇත.

එසේම තමන්ද ඇතුළු පොදුජන පෙරමුණ පක්ෂය මෑත ඉතිහාසයේ ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු සමඟ කටයුතු කර ඇති බවත් එම අත්දැකීමට අනුව මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක සහ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ රාජකාරි ස්වභාවය අගයන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

“ඇත්තටම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ වැඩකිරීම ඉතාම පහසුයි. ඔවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාව සඳහා, ඇහුම්කන් දීම සඳහා සූදානමින් සිටිනවා. බොහෝ අයට මේ තනතුරු ලැබුණාම ඔවුන්ට දුරකථන ඇමතුමක්වත් ලබාදෙන්න අවස්ථාවක් නෑ. නමුත් මේ දෙදෙනාම ඒ දුර්වලතාවයෙන් පෙළෙන්නේ නෑ. ඔවුන්ට ඒ ගැන ඇගයීම දෙන්න ඕන. ඒ වගේම ඒ වැදගත් ලක්ෂණය ඉදිරියටත් පවත්වා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හැබැයි අපේ අගමැතිතුමා නම් ටිකක් කාර්ය බහුලයි වගේ, දුරකතනයට සම්බන්ධ කරගන්නත් අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා එහෙම නෑ . ජනාධිපතිතුමා කොච්චර කාර්‍ය බහුල වුණත් , ඇමතුමක් ගත්ත මොහොතේම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ දෙයක් ජනාධිපති ලෙස සිදුකිරීම ගැන විශේෂ ප්‍රසංශාවක් හිමිවෙන්න ඕන කාරණයක්.

ඒ කොහොම වුනත් අපි පක්ෂයක් විදිහට ජනාධිපතිවරයා රට ගොඩනැගීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට මේ ලබාදුන්නා වගේම කිසිම අඩුවක් නැතුව ඉදිරියටත් සහය ලබාදෙනවා. පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙක් පක්ෂත් ඊට එකඟයි. මාසයකට වතාවක් හෝ එකට එකතුව මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් නම්, අපේ පවා සමහර වෘත්තීය සමිති ප්‍රාදේශීය දේශපාලන නායකයන් දක්වන සමහර විරෝධතා විසඳා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන කටයුතු සඳහා අපිට ඇති යෝජනා අදහස් ඉදිරිපත් කරන්නටත් පුළුවන්.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට සහය දීමට පක්ෂයක් ලෙස ගනුලැබූ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවය. මෙතෙක් ඒ සඳහා ලබාදුන් සහය ඉදිරියටද අඛණ්ඩව ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කර ඇත .

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan