*
Friday, October 25, 2024
spot_img

Latest Posts

පාස්පෝට් නව වැඩපිළිවෙල අද ඇරඹේ. ප්‍රා.ලේ. කාර්යාල 50 මෙන්න !

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට අවස්ථාව සැලසීමේ වැඩපිළිවෙල අදින් (15) ආරම්භ වේ.

ඒ අනුව අදින් පසු විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කොළඹ, බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයට පැමිණීමක් අවශ්‍ය නොවන අතර අයදුම්කරුවන්ට තම දිස්ත්‍රික්කයේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී අයදුම්පත්, ඇඟිළි සලකුණු සහ ඡායාරූප ලබාදීම සිදු කළ හැකිය.

අදාළ වැඩපිළිවෙල අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත ය.

දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල පිහිටුවා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලැයිස්තුව පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan