*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අද විවෘත වූ කන්කසන්තුරය නව මගී පර්යන්තය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වරාය, නාවික, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් , ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් නාවික හමුදාවේ දායකත්වයෙන් වැඩ අවසන් කළ කන්කසන්තුරය වරායේ මගී පර්යන්තය විවෘත කිරීම අද (16)  සිදු කර ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මගින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු මෙන්ම රේගු නිශ්කාෂණ කටයුතු සිදුවන අතර පසුගිය පෙබරවාරි මස පළමුවනදා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා.

මෙම නව මගී පර්යන්තයේ අළුත්වැඩියා සහ නවීකරණ කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිදු කර ඇත .

මෙම  නව මගී පර්යන්තය විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරායට පැමිණි “MV Empress” නැමති පළමු සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ කපිතාන් ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩලය ද එක්ව ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan