ජල නළයක් පුපුරා යයි,ලක්ෂයකට අධික නිවාස සඳහා ජලය අත්හිටුවයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එම මණ්ඩලය සදහන් කරන්නේ, ගොඩගම,  හෝමාගම,  පන්නිපිටිය,  රුක්මල්ගම,  පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ලක්ෂයකට අධික නිවාස ඒකක සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එය යථා තත්ත්වයට පත් කිරීම හැකි ඉක්මනින් සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ද පැවසේ .

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජල නළයක වැදී සිදුවු අනතුරකින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...