යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක්අයකු මියයයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

ත්‍රිකුණාමලය කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ කහටගස්දිගිලිය නගරයේදී යතුරුපැදි දෙකක් මුහුනට මුහුන ගැටීමෙන් එක්අයකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය මුකිරියාව පදිංචි 53හැවිරිදි ඉස්මයි ජවුප්ෆර්ඩීන් නැමති අයෙකි.කහටගස්දිගිලිය මහමැස්සලාව හා කොහොබගස්කඩ පදිංචි 21හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මියගිය යතුරුපැදිකරු ඊයේ අනුරාධපුර දෙස සිට පැමිණෙන අතරතුර එකවරම මාර්ගයේ අනෙක්පසට හැරවීමේදී හොරොව්පොතාන දෙස සිට පැමිනි යතුරුපැදිය ඔහුගේ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.  කහටගස්දිගිලිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනුලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...