යුක්රේන සමුළුව ඒකාබද්ධ ප්‍රකාශයකින් තොරව නිමා වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 17,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරි මාවතක් සකස් කිරීම සඳහා ප්‍රධාන බලවතුන් 80කට වඩා වැඩි රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්තයේ දෙදින සමුලුව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත්කිරීම ප්‍රතික්ෂේප කරමින් නිමවී ඇති බව වාර්තා වේ.

මෙවර සමුළුවට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර ආජන්ටිනාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන රටවල නායකයන් ප්‍රධාන විය.

මෙහිදී යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීම, යුක්‍රේන භූමියෙන් රුසියානු හමුදා ඉවත් කර ගැනීම සහ රුසියාව සමඟ යුක්‍රේනයේ පූර්ව යුධ දේශසීමා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඉල්ලීම් මෙන්ම නීතිවිරෝධී ලෙස අවතැන් වූ සියලුම ළමුන් සහ සිවිල් වැසියන් නැවත යුක්රේනයට භාර දිය යුතු බව ආදිය සම්බන්ධයෙන් සාකච්ජා වී තිබිණ.

BRICS ආර්ථික කණ්ඩායමේ සාමාජිකයන් ලෙස රුසියාව සමඟ වැදගත් වෙළඳ සබඳතා ඇති ඉන්දියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සති අන්ත රැස්වීමට සහභාගී වූ නමුත් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීමට එකඟ නොවී ඇති අතර චීනය සමුළුව වර්ජනය කර ඇත.

යුරෝපා කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen කියා සිටියේ යුක්රේනයේ සාමය ඇති කිරීමට කාලය ගතවනු ඇති බවයි. කෙසේ නමුත් අවස්ථාවට සම්බන්ධ වූ එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් යුක්රේනයේ මානුෂිය වියදම් සඳහා ඩොලර් බිලියන 1.5 ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට සහ Kyiv එහි බැට කෑ යටිතල පහසුකම් නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීමට මෙම අවස්ථාව යොදා ගනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...