*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/17

  1. 2023 මැයි 31 වන දින සිට 2023 ජූනි 02 වන දින දක්වා මහ බැංකුවේ ඉහළ කලමනාකාරීත්වය විසින් සිදු කළේ යැයි කියන මහා බැඳුම්කර වංචාවක් පිළිබඳව සමඟි ජන බලවේගයේ පා.ම. නිරෝෂන් පාදුක්ක කරුණු අනාවරණය කරයි: එම වංචාව සිදුකළ අන්දම පිළිබඳ තොරතුරු අනාවරණය කරයි: මෙමඟින් රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන ගණනක් බව පවසයි: මීට අදාළව වහා ස්වාධීන පරීක්ෂණයක් දියත් කරන මෙන් විශ්ලේෂකයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.
  2. විකාශන බලපත්‍ර ලබාදීමට එරෙහි කරුණු මතු කිරීම ප්‍රෙහේලිකාර බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: නව මාධ්‍ය නීති ඔස්සේ මාධ්‍ය නිදහස සීමා කිරීම අපේක්ෂා නොකරන බව පවසයි: තම නිවසේ තිබූ පොත් 3,000 ක් පමණ විනාශ කරමින් තම නිවසට ගිනි තැබීමට කටයුතු කළේ “ඉලෙක්ට්‍රොනික මාධ්‍ය” බවට චෝදනා කරයි: ගිනි තැබීම් වැනි ක්‍රියාවන් සඳහා විකාශන බලපත්‍ර ලබාදිය යුතු ද යන්න ප්‍රශ්න කරයි: භයානක අදහස් සමාජගත කිරීම සඳහා මාධ්‍ය විසින් ජනතාව හසුරුවමින් සිටින බවට චෝදනා කරයි.
  3. ශ්‍රී ලංකාවේ සිදුවූවාක් මෙන් පකිස්ථානයේ ද ණය පැහැර හැරීමට කටයුතු යොදා සාකච්ඡා සිදු කිරීමට “සතුරු විදේශ බලවේගවලට” අවශ්‍යව ඇති බවට පකිස්ථාන මුදල් අමාත්‍ය ඉෂාඛ් දාර් පවසයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය ඇතුව හෝ නැතුව පකිස්ථානය සිය බැඳීම් ඉටුකරන බවට අවධාරණය කරයි: පකිස්ථානය යනු ස්වෛරී රාජ්‍යයක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකරන සෑම ඉල්ලීමක්ම ඉටු කිරීමට බැඳී නොමැති බවත් පවසයි.
  4. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානිය සහ ප්‍රංශය බලා පිටත්ව යයි: මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කරේ.
  5. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිදි කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කෙරේ.
  6. මෙරට විශාලතම මෝටර් රථ සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (David Pieris Motor Company) ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොදු ප්‍රවාහනය සඳහා ආදර්ශ විදුලි ත්‍රිරෝද රථ (ටුක්-ටුක්) කුලී රථ සේවාවක් වන “ඊ-ඩ්‍රයිව්” (e-drive) දියත් කරයි.
  7. ශ්‍රී ලංකා රුපියලේ ක්ෂණික වංගු ගැසීමක්: මහ බැංකුවේ අපැහැදිලි වාර්තා මඟින් පෙන්වන පරිදි, ශ්‍රී ලංකා රුපියල එක දිගට සතියක කාලයක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමෙන් අනතුරුව ක්ෂණිකව අධිප්‍රමාණය වෙයි: ගතවූ සතිය තුළ “hot-money” ආකාරයේ ආයෝජකයන් ඇ.ඩො. මිලියන 29 ක පමණ මුදලක් ද අතැතිව ඉවත්ව යාමෙන් අනතුරුව පවා, ජූනි 16 වන දින වන විට ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 10 කින් අධිප්‍රමාණය වූයේ කෙසේ ද යන්න පිළිබඳව විශ්ලේෂකයෝ තුෂ්නිම්භූත වෙති: මෙම “hot-money” ආකාරයේ මුදල් ගනුදෙනු පිළිබඳව සහ තත්කාර්ය ලෙස ශ්‍රී ලංකා රුපියල උච්චාවචනය වීම පිළිබඳව පරීක්ෂණයක් දියත් කළ යුතු බවට ඇතැම් විශ්ලේෂකයහු මත දරති.
  8. රජයේ දෙපාර්තමේන්තු දෙකක් වන අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඈවර කිරීම (liquidation) පිළිබඳ දැනුම් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
  9. ස්වර්ණාභරණවල මිල ඉහළ යාමේ පීඩනය ලිහිල් කිරීම සහ කර්මාන්තයේ ශක්‍යතාව සහතික කිරීම සඳහා රත්‍රං ආනයන තහනම ඉවත් කරන මෙන් සමස්ත ලංකා ස්වර්ණාභරණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආර්. බාලසුබ්‍රමනියම් රජයෙන් ඉල්ලා සිටියි: මෙරට රත්‍රං වෙළඳාම සඳහා ප්‍රසිද්ධියක් උසුලන කොළඹ හෙට්ටි වීදියේ Sea Street රත්‍රං සඳහා නියම කර ඇති මිල ගණන් මිණුම් ලකුණක් (benchmark) ලෙස ක්‍රියා කරනු ඇති බවට සඳහන්.
  10. ලොව වෙනත් ස්ථානවල මෙන් ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කර ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසයි: එමඟින් මානව සෞඛ්‍යයට ඇතිකරන බලපෑම දැන් නව පර්යේෂණ සමඟ කරළියට පැමිණ ඇති බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan