ලෝක වෙළඳපොලේ තෙල් මිල බැස්සාට මෙහේ අඩුකරන්න බෑ. අපිට එන්න තියෙන්නේ වැඩි මිලට ගත්තුවා – ඇමති අනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ බසිමින් පැවතියත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට හැකියාවක් නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා, අන්තිමට තෙල් සංස්ථාවට ගත්ත ඉන්ධනවල මිල අඩුවෙලා තියෙනවාද, සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්ද ඒ ගැන ?

“අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. මේ පෙට්‍රල්, ඩීසල්වල මිල තීරණය වෙන්නේ කලින් මාසවල ගත්ත ඇවරේජ් එක මතනෙ, ඉන්ඩෙක්ස් ප්‍රයිස් එකනෙ. අපි ලයිනප් කරගන්නවානෙ අපෙ තියෙන ගබඩා පහසුකම්, ඉල්ලුම, ඒවා මත. ඒ එන්න තියෙන ප්‍රමාණය ගත්තාම ඉදිරියට එන්න තියෙන්නෙ වැඩිමිලට ගත්තු ඒවා. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩුකිරීම ඉදිරියේදී සලකා බලනවා”

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...