සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මුළු ලෝකයේම අවධානය දිනා ගනිමින් අද(19)දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡා අවලංගු කර තිබේ.
ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල ප්‍රකාශයට අනුව, සාකච්ජා සඳහා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ස්විට්සර්ලන්තයට සැලසුම් කළ සංචාරය අවලංගු කිරීම මේ සඳහා බලපා තිබේ.
ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමක් රටවල් දෙක අත්සන් කර එක්සත් ජනපදය ඉරානයට එල්ල කළ නාවික අවහිරය ඉවත් කිරීමෙන් දිනකට පසුව මෙම තත්වය උද්ගතව තිබේ.
ලෙබනනයේ සටන් අවසන් විය යුතු බව ද ගිවිසුමේ සඳහන් වුවද, අඛණ්ඩ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් දකුණේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු එක රැයකින් මිය ගොස් ඇති අතර ලෙබනනයේ පවතින අස්ථාවරත්වය සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් වැනි කලාපීය තත්ත්වයන් ද මෙම තීරණයට දැඩි ලෙස බලපා ඇත.

