සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රදේශය වසා දමා තිබේ.
අවාමි ක්‍රියාකාරී කමිටුවේ (JAAC) ආධාරකරුවන් සහ පළාත් පාලන ආයතන අතර සති දෙකක් පුරා පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමඟ පාකිස්ථාන පරිපාලනය මෙම තීරණය ගෙන ඇත.
කලාපයේ ආසන 45 කින් යුත් ව්‍යවස්ථාදායක සභාව සඳහා ජූලි 27 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණයේදී සරණාගතයින් සඳහා ආසන 12 ක් වෙන් කිරීම මෙම ගැටුමට හේතු වී ඇති අතර JAAC ආධාරකරුවන් දහස් ගණනක් දැන් කලාපීය අගනුවර වන මුසෆරාබාද් සිට කිලෝමීටර් 100ක් (සැතපුම් 62ක්) පමණ දකුණින් පිහිටි රාවලකොට් නගරයෙන් පිටත කඳවුරු බැඳගෙන සිටින අතර රජය ප්‍රධාන මාර්ග වසා දැමීම, හේතුවෙන් මේවන විට දෛනික ජීවිතය ඇණහිට ඇත.
පකිස්ථාන රජය අන්තර්ජාලය අවහිර කිරීම සහ කාශ්මීරයේ බොහෝ ප්‍රදේශවලට මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම ATM යන්ත්‍ර, ඉන්ධන පිරවුම්හල් වසා දැමීම මගින් විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දක්වා ඇත.

