ආසන පටි පැළඳීමේ නීතිය අද සිට දැඩි වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අද (20) සිට වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙන අතර ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කරගැනීම වෙනුවෙන් ඉදිරි මාස තුනක කාලයක් ලබා දී තිබේ.

ඒ අනුව රථ වාහන පැදවීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර අධිවේගී මාර්ගවල ධාවනය කරන්නේ නම් වාහනයේ සිටින සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු වේ.

සෙසු පෞද්ගලික වාහනවලද රියදුරු ඇතුළු වාහනයේ ගමන් ගන්නා සියලු දෙනා ආසන පටි පැළඳිය යුතු වෙයි.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබාදී තිබූ අතර එය ඊයෙන් අවසන් වූ හෙයින් අද පටන් ඉදිරියට එම නීතිය තදින් බලපැවැත්වෙයි.

අද සිට නිෂ්පාදකයා විසින් ආරක්ෂක පටි සවිකර ඒවා ඇති වාහනවල ආරක්ෂක පටි පැළඳීම අනිවාර්ය වන අතර නිෂ්පාදකයා විසින් ආරක්ෂක පටි සවිකර නොමැති වාහන වලට ඒවා සවිකර ගැනීම සඳහා තවත් මාස තුනක කාලයක් දික්කර ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න අද මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ආරක්ෂක පටි නොපැළඳ ධාවනය කරන රියදුරාට වාහන හිමිකරුට සහ මගීන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීමට අද සිට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හානි අවම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...