සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර ඇති වූ ද්වි පාක්ෂික සාම ගිවිසුම ඉතිහාසයේ සිදු වූ විශාල පාවාදීමක් වශයෙන් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.
ගිවිසුම හරහා මෙතෙක් ඉරානය වෙනුවෙන් පනවා තිබු සම්බාධක ඉවත් කෙරෙන අතර තහනම් කරන ලද ඉරාන මුදල් නිදහස් කෙරේ, මීට අමතරව ඉරාන තෙල් අපනයනය කිරීමට ද ඉඩ සලසෙන අතර ඩොලර් බිලියන 300 ක ආයෝජන ඉරානයට ලැබෙනු ඇත. මේ සමඟ ගැටුමට පෙර තිබූ තත්ත්වයට වඩා ශක්තිමත්ව ඉරානය නැවත කලාපයේ බලවත් රටක් ලෙස ගොඩනැගෙනු ඇති බව ඊශ්‍රායලයට බලවත් ගැටලුවක් වී ඇත.
මෙම ගිවිසුමේ කොන්දේසියක් වශයෙන් ඊශ්‍රායලයේ උතුරට ප්‍රධාන තර්ජනයක් ලෙස සැලකෙන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සටන් කිරීමට ඊශ්‍රායලයට ඇති හැකියාව අඩපණ කෙරෙනු ඇති අතර ලෙබනනයේ යුද්ධය සාධාරණ යුද්ධයක් බව ඊශ්‍රායල ජාතිකයින් විශ්වාස කරන අතර පාලන තන්ත්‍රය වෙනස් කිරීම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම සහ එහි බැලස්ටික් මිසයිල ඉවත් කිරීම වැනි යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඊශ්‍රායලයට නොහැකි වීම දරුණු අසාර්ථකත්වයක් වශයෙන් සැලකේ,
දූෂණ චෝදනා මත නඩු විභාගයකට ලක්ව සිටින 76 හැවිරිදි නෙතන්යාහු, ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂිතව තබා ගත හැක්කේ තමාට පමණක් බව ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමේ දුෂ්කර අභියෝගයට දැන් මුහුණ දී සිටීන අතර පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂ දර්ශනයටද ඔහු ලක්වීමත් සමඟ නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය, ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේදී අගමැති ට්‍රම්ප් සමඟ ඇති සමීප සබඳතා ඉස්මතු කිරීමේ සැලසුම් මේවන විට අතහැර දමා තිබේ.
ජනාධිපති ට්‍රම්ප් මේ වන විට 2026 නොවැම්බර් පැවැත්වීමට අපේක්ෂිත මධ්‍යකාලින මැතිවරණය වෙනුවෙන් සුදානම් වෙමින් සිටින අතර ඒ වෙනුවෙන් ඉරානය සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගැනීම හා හොමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම අත්‍යවශ්‍ය සාධක බවත් ඔහු සිය මැතිවරණ ජනග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

