කතරගම දේවාලයේ මුදලින් අපේක්ෂා රෝහලේ හැදෙන නව සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ කටයුතු සාගලගේ නිරීක්ෂණයට

Date:

ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී හා ජ්‍යේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිවෙමින් පවතින නව අංග සම්පූර්ණ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (20) නිරත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවමවීමෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්වීම හේතුවෙන් මෙම නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ 2023 සැප්තැම්බර් මස 21 වනදා ය.

ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරීම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටු සංකීර්ණය පිළිසකර කර අලුත්වැඩියා කිරීමද මේ වනවිට සිදුකරමින් සිටී.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...