කතරගම දේවාලයේ මුදලින් අපේක්ෂා රෝහලේ හැදෙන නව සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ කටයුතු සාගලගේ නිරීක්ෂණයට

Date:

ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී හා ජ්‍යේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිවෙමින් පවතින නව අංග සම්පූර්ණ සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (20) නිරත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවමවීමෙන් කුඩා දරුවන් දැඩි අපහසුතාවයකට පත්වීම හේතුවෙන් මෙම නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ 2023 සැප්තැම්බර් මස 21 වනදා ය.

ගුවන් හමුදාව විසින් රෝගී දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ඉදිකිරීම මෙන්ම කුඩා දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටු සංකීර්ණය පිළිසකර කර අලුත්වැඩියා කිරීමද මේ වනවිට සිදුකරමින් සිටී.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...