අගරදගුරු පදවියෙන් මෛත්‍රීට පිළිතුරු!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 21 , කොළඹ (LNW):

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

උන්වහන්සේ  මේ බව කියා සිටියේ , කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි.

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වලින් කාදිනල් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල් කිසිසේත් අවභාවිත කර නොමැති බව මාධ්‍ය හමුවක් කැඳවමින් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක් බවත්, එතුමාගේ බංකොළොත්භාවය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර කියන්නන්වාලේ මාධ්‍ය ඉදිරියේ පවසන බවටද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා චෝදනා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...