අගරදගුරු පදවියෙන් මෛත්‍රීට පිළිතුරු!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 21 , කොළඹ (LNW):

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.

උන්වහන්සේ  මේ බව කියා සිටියේ , කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි.

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වලින් කාදිනල් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල් කිසිසේත් අවභාවිත කර නොමැති බව මාධ්‍ය හමුවක් කැඳවමින් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද වනවිට දේශපාලන අතින් ඉතාමත් බංකොළොත්භාවයකට පත්වුණු පුද්ගලයෙක් බවත්, එතුමාගේ බංකොළොත්භාවය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර කියන්නන්වාලේ මාධ්‍ය ඉදිරියේ පවසන බවටද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා චෝදනා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...

එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු...

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...