පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට පොහොර විකිණීමක් සිදුකළ හොත් ඊට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ලෝක වෙළෙඳ පොළේ පොහොර මිල වැඩිවීමක් සිදුවුවද මෙරටට සැලකිය යුතු පොහොර ප්‍රමාණයක් ගෙනවිත් තිබෙන හෙයින් පොහොර හිඟයක් ඇති නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මෙරට පවතින්නේ කලින් ගෙන්වන ලද පොහොර නිසා ඒවායෙහි මිල වැඩිවීමක් සිදුනොවන බව කරුණාරත්න මහතා කියාසිටියි.

ඒ අනුව යම්කිසි හෝ තැනක පොහොර සම්බන්ධයෙන් අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව අදාළ පාර්ශව වෙත පැමිණිලි කරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...