විසඳුමකට යා හැක්කේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිස ඔළුගෙඩි මාරුවකින් නොවේ – සජිත් (VIDEO)

අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වී ඇති බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උද්ධමනය අහස උසට ගොස් ඇති අතර, රැකියා පෝලිම දිනෙන් දිනට දික් වෙන බවත් ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික පසුබෑම සිදුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සමගි නීතිඥ සංවිධානයේ සමාරම්භක උත්සවය ඊයේ (20) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති නීතිඥවරුන්, ජේෂ්ඨ නීතිඥවරුන් ඇතුළු කෘතහස්ත නීතිඥවරුන් විශාල පිරිසකගෙන් සමගි නීතිඥ සංගමය සමන්විතය.

දූෂිත ක්‍රියාදාමයන් වැජඹෙන රටක අපිට ජයග්‍රාහි ඉලක්ක කරා යන්න නොහැකි බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ අන්ධකාරය තුළින් විසඳුමක් කරා යාමට හැකි වන්නේ පිරිසිදු ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමවේදයක් තුළ මිස දූෂිත වංචාකාරයින්ගේ ඔළුගෙඩි මාරුවකින් නොවන බවත් එහිදී කීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...