විසඳුමකට යා හැක්කේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිස ඔළුගෙඩි මාරුවකින් නොවේ – සජිත් (VIDEO)

අවස්ථාවාදී තීන්දු තීරණ බැහැර කොට ජාතික අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබා දී තින්දු තීරණ ලබා ගන්න කාලයක අපි සියලු දෙනාම සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද දවසේ අවනීතිය, අයුක්තිය, අසාධාරණත්වය රජ වී ඇති බවත් දුර්වල නායකත්වයක් තුළ මේ රටේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

උද්ධමනය අහස උසට ගොස් ඇති අතර, රැකියා පෝලිම දිනෙන් දිනට දික් වෙන බවත් ආර්ථික වර්ධනය වෙනුවට ආර්ථික පසුබෑම සිදුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සමගි නීතිඥ සංවිධානයේ සමාරම්භක උත්සවය ඊයේ (20) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති නීතිඥවරුන්, ජේෂ්ඨ නීතිඥවරුන් ඇතුළු කෘතහස්ත නීතිඥවරුන් විශාල පිරිසකගෙන් සමගි නීතිඥ සංගමය සමන්විතය.

දූෂිත ක්‍රියාදාමයන් වැජඹෙන රටක අපිට ජයග්‍රාහි ඉලක්ක කරා යන්න නොහැකි බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ අන්ධකාරය තුළින් විසඳුමක් කරා යාමට හැකි වන්නේ පිරිසිදු ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමවේදයක් තුළ මිස දූෂිත වංචාකාරයින්ගේ ඔළුගෙඩි මාරුවකින් නොවන බවත් එහිදී කීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...