සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් හෙට තෙල් ගේන්න පුලුවන්

Date:

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත් නොවන බවයි. එකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, රටතුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තිබෙන බවට ජාත්‍යන්තරයට සුබවාදී පණිවුඩයක් ලබාදීම බවද ඔහු සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් සහන ණය යටතේ මැද පෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන බවත් මැද පෙරදිග රටවල පමණක් නොව යුරෝපා රටවලද සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...