හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ලේකම්වරයකු බව ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි නමැති පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3කට පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීමේ සිද්ධියකට අදාළව, රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
සැකකරු බදුල්ල, රිල්ලපොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර අද (22) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.


