මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන් රජයේ මුදල් ආරක්ෂා කරමින් සිටින බවත් ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමුවරට රජයේ රුපියල් පෙට්ටිය සහ ඩොලර් පෙට්ටිය පිරෙන්නට පටන්ගෙන ඇති බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

“ලංකාවේ පළවෙනි පාරට රුපියල් පෙට්ටියයි ඩොලර් පෙට්ටියයි පිරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒක පිරෙන්න පටන් අරගෙන තියෙන්නෙ අමුතු මැජික් එකක් කරලා නෙවෙයි. ඕගොල්ලොන්ගෙ අම්මලා තාත්තලාගෙන් මේ රටේ ලැබෙන බදු මුදලුත් අනික් පැත්තෙන් ඩොලර්වලින් එන මුදල් ටිකත් අපි නයෙක් මැණිකක් රකිනවා වගේ ආරක්ෂා කරන්න ඔබේ ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා. වෙනදාත් ඔය පෙට්ටි දෙක ඔය විදියටම තිබුණා. හැබැයි යට ලොකු හිල් දෙකක් තිබුණා. යටින් හොරෙන් ඇදලා ඒගොල්ලන්ගෙ එකවුන්ට් වලට සල්ලි දාගන්නවා. අවුරුද්දයි ගියේ, පෙට්ටි දෙකේම හිල් දෙක වහලා දාලා තියෙන්නෙ සදාකල්ම”

එරංග ගුණසේකර මහතා මේ බව පැවසුවේ නුවර එළිය, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ සමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...