‘චීන භාණ්ඩ සඳහා EU පැනවූ තීරු බදු දඬුවමක් සඳහා නොවේ’ – ජර්මනියේ ආර්ථික ඇමති

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 22,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EVs) ආනයනය සඳහා යුරෝපා සංගමය(EU) විසින් අධික තීරුබදු යෝජනා කිරීම දඬුවම් කිරීමක් නොවන බව ජර්මනියේ ආර්ථික ඇමති රොබට් හැබෙක් ප්‍රකාශ කර තිබේ.

අද(22)දිනයේ බීජිංහි දේශගුණය සහ පරිවර්තන සංවාදයක පළමු පූර්ණ සැසියට සම්බන්ධ වෙමින් චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති ෂෙන්ග් ෂැන්ජි හමුවෙමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, මේවා දණ්ඩනීය ගාස්තු නොවන බව තේරුම් ගැනීම වැදගත් බවත්, එක්සත් ජනපදය, බ්‍රසීලය සහ තුර්කිය වැනි රටවල් දණ්ඩනීය තීරුබදු භාවිතා කර ඇති නමුත් යුරෝපා සංගමය එසේ නොකළ බවයි.

කෙසේ නමුත් , රොබට් හැබෙක්ගේ පැමිණීමට පෙර ගෙවුණු සිකුරාදා(21) චීනයේ විද්‍යුත් වාහනවලට එරෙහිව තීරුබදු පැනවීම වෙළඳ යුද්ධයක් ඇති කළ හැකි බවට අනතුරු අඟවා තිබිණි.

දේශගුණික විපර්යාස සහ හරිත සංක්‍රමණය පිළිබඳ සහයෝගීතාව සඳහා ජර්මනිය සහ චීනය පසුගිය වසරේ ජුනි මාසයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු දේශගුණය සහ පරිවර්තන සංවාදයේ පළමු පූර්ණ සැසිවාරය මෙය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...