දිලිත්ගේ දන්සැලෙන් පොල් රොටී කෑ රනිල්ගේ පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකයා MJP යට පනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා මව්බිම ජනතා පක්ෂයට එක්ව තිබේ.

අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අරුන් සිද්ධාර්ථන් මහතා එම පක්ෂයට එක්වූ අතර මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් ඔහුව මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් පත් කරන ලදී.

අරුන් සිද්ධාර්ත් එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකයා වශයෙන් පත්වූයේ 2024 මාර්තු 22 වනදා ය. ඒ අනුව හරියටම මාස තුනක් තුළ ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මව්බිම ජනතා පක්ෂයට මාරු වී ඇත.

කෙසේවෙතත් ඊයේ (21) පැවති දිලිත් ජයවීර මහතාගේ පොල් රොටී දන්සලට ද අරුන් සිද්ධාර්ත් සහභාගී වී සිටින ආකාරය දැකගත හැකිවිය.

බලයේ සිටින ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයෙක් වෙනත් පක්ෂයකට මාරු වීම යනු සරල කරුණක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේ මාරුවීම කොහෙත්ම සරල නැත. අරුන් සිද්ධාර්ත් වැන්නෙකු වුවත් එසේ කිරීම දේශපාලනිකව සලකා බැලිය යුතු තත්වයකි.

ජුනි 22 මජප සංවිධායකයා වශයෙන් පත්වීම
ජුනි 21 දිලිත්ගේ දන්සැලට සහභාගී වීම
මාර්තු 22 එජාප සංවිධායකයා වශයෙන් පත්වීම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...