අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් 25000 ක අල්ලස් මුදලක් ඉල්ලීම, ලබාගැනීම සහ ඊට අනුබල දීමේ චෝදනා මත ය.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අයකුගෙන් එම ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදුකරගෙන යාමට ඉඩදීම සඳහා සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා රුපියල් 25000 ක අල්ලස් මුදලක් මෙම පොලිස් නිලධාරීන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔවුන් දෙදෙනා අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසලදී අත් අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...