ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර සඳහා විශාල බාධාවක්!

ව්‍යාපාර පැවැත්ම සහ ව්‍යාපාර ප්‍රතිසාධනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විශාල බාධාවක් වී ඇත:

ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක් LNW වෙත පැවසුවේ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරියක් වන ප්‍රනාන්දු මහත්මිය සහ මහ බැංකු අධිපති වීරසිංහ මහතා පෞද්ගලික අංශයෙන් යෝජනා වන විසඳුම් සම්බන්ධයෙන් මුළුමනින්ම නිෂේධාත්මක පිළිවෙතක් අනුගමනය කරන බවයි. ඇත්මුන් කියා සිටින්නේ ඔවුන් ශ්‍රී ලංකා පොලිස් සේවය වන් තත්ත්වයකට පත්ව ඇති බවයි.

කුඩා සමාගම් සහ ඒක පුද්ගල ව්‍යාපාර මුහුණ දෙන ගැටලුවල බරපතලකම ගැන ඔවුනට හැඟීමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ වැටුප සහ වරප්‍රසාද නිසි පරිදි ලැබෙන නිසා ඔවුන්ට මහජනතාව කෙරෙහි එතරම් උනන්දුවක් ඇත්තේ නැත. එක්තරා ව්‍යාපාරිකයකු සඳහන් කරන්නේ ඔවුන්ගෙන් සිනහවක් පවා ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බවයි. ඔවුනට වැටුප් සහ වරප්‍රසාද ගෙවන්නේ රටේ බදු ගෙවන්නන් නිසා අවම වශයෙන් ඔවුන් සමග සිනහ වීමට වත් ඉගෙන ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.

එක් ව්‍යාපාරිකයෙකු තවදුරටත් ප්‍රශ්න කරන්නේ, මහ බැංකුව රට බංකොලොත් බව නිවේදනය කර ඇති පසුබිමක, පෙට්‍රල් සහ ගෑස් සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැති පසුබිමක, මහ බැංකු අධිපතිවරයාටත් (Benz S Class) සහ ඔහුගේ නියෝජිතයින්ටත් (Audi) මෙතරම් මිල අධික මෝටර් රථ ලබා දිය යුත්තේ ඇයිද යන්නයි. මහ බැංකුව වසා දැමීමෙන් පමණක්ම රටට බිලියන ගණනක මුදලක් ඉතුරු කරගත හැක. නැඟෙනහිර ආසියාතික මූල්‍ය අර්බුදය සමයේදී අනෙකුත් මහ බැංකු හරහා අරමුදල් රැස්කර ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේ එම රටවල මහ බැංකු ය. නමුත් අපේ මහ බැංකුවට අවශ්‍ය වන්නේ ව්‍යාපාර වසා දමා නැවත අලුතින් ආරම්භ කිරීමයි.

රැකියා කරන මිලියන ගණනක් සහ ඔවුන්ගේ ජීවනෝපාය ගැන කියන්නට ඇත්තේ කුමක්ද? ව්‍යාපාර හෝ ආර්ථිකය ගැන අවබෝධයක් නැති ජනාධිපතිවරයා අඩුම තරමින් දැන්වත් ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නොදුන් වත්මන් අධිපතිවරයාට මීට වසරකට පෙර දී කෑ ගැසූ අන්දමින්ම කෑගසා හෝ සුදුසු විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතුයි. මේවන විට මහබැංකු පරිපාලන මණ්ඩලයේ සිටින්නේ යල් පැනගිය පුද්ගලයින් ය. ශ්‍රී ලංකාව තුළ තරුණ දක්ෂයෝ ඕනෑතරම් සිටිති.

රටට හදිසි විදේශ අරමුදල් වත් රැස්කර හෝ පෞද්ගලික අංශයට ගොඩ ඒමට සහය වීමට නොහැකි වීරසිංහ ප්‍රමුඛ වත්මන් මහබැංකු පරිපාලන කණ්ඩායමට කිසිදු අධීක්ෂණයකින් තොරව මෙලෙසින්ම කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නේ නම්, අගමැතිතුමාගේ සැලසුම් කිසිවක් යථාර්තයක් බවට පත් නොවනු ඇත. එසේම පෙට්‍රල් පෝලිම් තවත් දිගු වනු ඇති අතර ගෑස් සිහිනයක්ම වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...