ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ බැස ඇතත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට කිසිසේත්ම නොහැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ප්‍රශ්නය – ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවෙලා තියෙනවා. ඒ සහනය ජනතාවට ලබාදෙන්න හැකිවෙයිද ?
“කලින් ගත්ත තෙල් තමා මේ වෙනකොට වෙළඳපොලේ තියෙන්නෙ. එතකොට ඒ තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැයකරලා තමා ඒ තෙල් ගත්තෙ. මේ මුදලට අපි තෙල් විකුණන්නෙ ඒකෙ බරෙන් කොටසක් රජය දරණ නිසා. ඒ නිසා තමයි මේ හාරසිය ගාණකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගාණක් විය යුතුයි. තෙල්වල මිල අඩුවෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබාදෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩුකරන්න බැහැ”
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා පසුගියදා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


