යෝෂිතගේ මිතුරෙකුට සම්බන්ධ බව කියැවුණු පොටෙන්ෂියා ගල් අඟුරු සමාගමේ පෙත්සම විසිවෙයි

ලංකා ගල් අඟුරු සමාගමට සහ වත්මන් රජයේ කැබිනට් මණ්ඩලයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත පොටෙන්ෂියා සමාගම විසින් ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

2024/25 වසර සඳහා ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාතුව ලබාගෙන සිටි පොටෙන්ෂියා සමාගමට එම කොන්ත්‍රාතුවෙන් 10%ක අමතර ගල් අඟුරු ප්‍රමාණයක් එනම් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 225000ක් සැපයීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් 2025 ජුලි 18 වනදා ලබාදුන් ඇනවුමක් 2025 ඔක්තෝබර් 24 වනදා යළි අවලංගු කිරීමට එරෙහිව පොටෙන්ෂියා සමාගම විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ලංකා ගල් අඟුරු සමාගම, එවකට හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ අතර එම පෙත්සම ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ 2026 ජනවාරි මාසයේ සිට විභාගයට ගැනීමෙන් අනතුරුව මෙසේ 2026 ජුනි මාසයේදී එහි තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම පොටෙන්ෂියා සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිත්‍රයකු වන යෝෂිත රාජපක්ෂගේ මිතුරෙකුට සම්බන්ධ සමාගමක් බව ද පසුගිය සමයේ විවිධ මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...